තොරතුරු තාක්ෂණයේ වැදගත්කම.
සංවර්ධිත සංවර්ධනය නොවූ රටවල් අතර තිබෙන්නාවූ පරතරය (GAP/Digital Divided) අඩුකර ගැනීමට තාක්ෂණය හේතු වී ඇත. තොරතුරු තාක්ෂණය ඔස්සේ දැනුම හුවමාරුකළ හැකි හෙයින්,එමගින් රටවල් අතර තිබෙන ජීවන තත්වය, ආදායම, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආදී සාධක අතර තිබෙන පරතරය අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇත.
රාජ්‍ය කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමෙන් රටේ ජනතාවට ප්‍රතිලාභ අත්කර දී තිබේ. තොරතුරු තාක්ෂණය ඔස්සේ පොදු ජනතාව වෙනුවෙන් සපයනු ලබන බොහෝ සේවා ලබා දීමට උත්සහ ගනිමින් සිටී. (පුද්ගල හැදුනුම්පත ලබා දීම, විභාග ප්‍රතිඵල ලබාදීම, ඇතැම් රටවල ඡ්න්දය ප්‍රකාශ කිරීම )
වඩාත් නිවැරදි තීරණ ගැනීම සඳහා පාලන හා පරිපාලන කටයුතු පහසු කර දීම.
ආයතන විසින් ඉදිරිපත් කරන ලද භාණ්ඩ හා සේවාවල ගුණාත්මක තත්වය වැඩිකර ගැනීම.
WWW මගින් ගෝලීයකරණය සඳහා රටවල් සෙසු රටවල් සමඟ ව්‍යාපාර කිරීමේ අවස්ථාව සලසා දී ඇත. (Electronic Commerce)
කම්කරුවන්ගේ නිෂ්පාදන ඵලදායීතාවය හා අධ්‍යාපනය වර්ධනය කිරීම.
ප්‍රවාහනය වැඩිදියුණු වීම.
- ආරෝග්‍යශාලා කටයුතු පහසු කිරීම.(E channeling)

